Bana Ahamu
කේතුමතියෙහි මෙතේ බුදු සිරිත
ශ්‍රී ලාංකික ථෙරවාදී බෞද්ධයන්ගේ මතු බලාපොරොත්තුව වී ඇත්තේ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමය. ථෙරවාදී බෞද්ධයන් අතර වන මේ මෛත්‍රී බුද්ධ විශ්වාසය ප්‍රථම වරට දක්‌නට ලැබෙන්නේ දීඝනිකායේ චක්‌කවත්ති සීහනාද සූත්‍රයේය. එහි මෛත්‍රී බුදුන් මෙලොව ඉපදීම පිළිබඳව දැක්‌වේ. ථෙරවාදී බුදුසමය වෙනස් වෙමින් බුදුවීමම වඩා වැදගත් කොට ගත් මහායාන බුදුසමයේ බුදුබව පතන ප්‍රධාන වූ බෝධිසත්වයන් බොහෝ දෙනකු දක්‌නට ලැබුණ ද ථෙරවාදී බුදුසමයේ විශ්වාසයට පාත්‍ර වී ඇත්තේ මතු බුදු වන මෛත්‍රී බෝසතුන් පමණකි. දුටුගැමුණු හා සද්ධාතිස්‌ස යන රජ දෙසොහොවුරන් මෛත්‍රී බුදුන්ගේ අගසව් වන බව මහාවංසයේ දක්‌වා තිබීමෙන් එය රචනා කළ ක්‍රි.ව. පස්‌වන සියවසේදී මෛත්‍රී බුද්ධ විශ්වාසය පැවැති ආකාර දැනගත හැකිය. එපමණක් නොව ක්‍රි.ව. 412 දී පමණ අභයගිරි විහාරයේ වැඩ සිටි ෆාහියන් හිමියෝ තමා එහිදී දකුණු ඉන්දියානු භික්‍ෂුවක විසින් දේශනා කරන ලද ධර්මයක් ශ්‍රවණය කළ බව පවසමින් එය විස්‌තර කර ඇත. එහි අන්තර්ගතය වී ඇත්තේ මෙතේ බුදු සිssරිතය. ධාතුසේන රජතුමා අභයගිරියේ මෙතේ බෝසත් රුවක් සාදවා ඊට රජ ආභරණ පැළැන්දූ බවට මහාවංසයේ ඇති සඳහන තවත් නිදසුනකි. මෙවැනි බොහෝ සාධක අතර අනුරපුර යුගයේ අවසන් භාගයේ කළුදියපොකුණ ශිලාලිපියක සාංඝික දේපළ පැහැරගත්තවුවනට මෙතේ බුදුන් දොර ළඟින් වැඩියත් වැඳීමට දෑත් එසවීමට නොහැකි වේවායි දක්‌වා තිබීමෙන් සිංහල බෞද්ධයා අතර මෙතේ බුදුන් විශ්වාසය කෙතෙක් දුරට ජනවිඥනයට කි¹බැස තිබුණේදැයි අවබෝධ කරගත හැකිය. එප්පාවල ලිපියක මහමෙතෙ බුදු රැදයෙහි නුපදනාහයි යනුවෙන් ද කළුදියපොකුණ තවත් ලිපියක මෙතේ බුදුන් නොදැක හුණුවාහ යනුවෙන් ද ඉහත කී ලෙස සාප කර ඇත.
ථෙරවාදී බුදුදහම අනුව එක් කල්පයක් තුළ සාමාන්‍යයෙන් පහළ වන්නේ බුදුවරුන් සතර නමකි. උපරිමය වූ පස්‌නමක් පහළවීම බදු කල්පයදී සිදුවේ. දැනට කකුසඳ, කෝණාගම, කාශ්‍යප හා ගෞතම නමින් හතර බුදුවරයින් පහළ වී ඇති අතර අනාගතයේ මෛත්‍රී බුදුන් පහළ වන බැවින් මෙය බදු කල්පයක් වේ. බෝධිසත්ත උත්පත්ති කතා නම් ග්‍රන්ථයක බෝසත්වරුන් දසදෙනකු ගැන සඳහන්ව ඇතත් ථෙරවාදී බෞද්ධ සාහිත්‍යයේ චරිතාපදානයක් වශයෙන් රචනා වී ඇතතේ මෛත්‍රී බුදුන්වහන්සේ සම්බන්ධව පමණකි. එම ග්‍රන්ථය අනාගත වංසය නොහොත් මෙතේ බුදු සිරිත නම් වේ. දැනට දක්‌නට ඇති සිංහල අනාගත වංසය ඊට පෙර පැවැති පාලි අනාගත වංසයක් ද එම පාලි අනාගතවංසයට ලියා ඇති අටුවාවක් වූ අනාගතවංසට්‌ඨකතා නොහොත් සමන්තභද්දිකා නම් ග්‍රන්ථ මූලාශ්‍රය කොටගෙන රචනා කැර ඇති බව පිළිගැනී ඇත. සිංහල අනාගතවංසය කුරුණෑගල සමයේ හතරවන පැරකුම්බා රජු කල එතුමාගේ ආරාධනයෙන් විල්ගම්මුළ මහ තෙරිඳු විසින් රචනා කර ඇත. උන්වහන්සේ කිත්සිරිමෙවන් කැලණි විහාරාධිපති ශ්‍රී පරාක්‍රමබාහු හිමිපාණෝ නම් වූහ. පාලි අනාගත වංසය රචනා කරන ලද්දේ කිකලෙකදැයි නිශ්චිත නැතත් මහාචාර්ය ගුණපාල මලලසේකර ආදී වියතුන්ගේ අදහස වන්නේ විමති විනෝදනි, බුද්ධවංස ආදී ග්‍රන්ථ ලියූ සොලී දේශ වාසී කාශ්‍යප තෙරුන් විසින් ලියන්නට ඇති බවය.
බෞද්ධ සාහිත්‍යය අනුව සම්බුද්ධ සාසනය අවසන් වන්නේ සර්වඥ ධාතු පිරිනිවීමෙන් පසුය. ලොව ඇති සියලු සර්වඥ ධාතු දඹදිව සිරිමහබෝ මැඬ රැස්‌වී නිමේෂයකට බුද්ධ රූපය මවාපා ධාතු පරිනිර්වානය සිදුවෙන බව මඡ්ජිම නිකාට්‌ඨ කතාවේ හා අංගුත්තර නිකායට්‌ඨකතාවේ සඳහන්ය. එතැන් පටන් නව කල්පයක් ඇවීමට පෙර කල්ප විනාශය සිදුවන ආකාරය ද නව කල්පය තුළ මෙතේ බුදුන් පහළ වන අයුරු ද අනාගත වංසයේ විස්‌තර වෙයි. තවද සකළ ගුණ නිධාන වූ කරුණාවෙන් සිහිල් වූ තිලෝගුරු සම්‍යක් බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධවංස දේසනාවසානයෙහි දහම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් ආකාශයෙහි රුවන් සක්‌මනක් මවා එහි සක්‌මන් කරමින් සිට වදාළා වූ අනාගතවංස දේසනාව යනුවෙන් මෙම අනාගතවංස ග්‍රන්ථයෙහි සඳහන් වේ.
අනාගත වංසය නැතහොත් මෙතේ බුදු සිරිතෙහි කල්ප විනාශය ගැන දීර්ඝව විස්‌තර වෙයි. එනම් සාසනය අන්තර්ධාන වීමෙන් පසු ලෝකයේ ධර්මය ක්‍රමයෙන් වේගයෙන් පරිහාණියට පත්වෙයි. සත්ත්වයා අධර්මයෙන් ජීවත් වෙයි. එකල්හි භය ලඡ්ජා නැති හෙයින් වැදූ මෑණියන් සුළුමව, නැගණිය, බුහුණනිය, පියාණන් ආදීන් ගැන ද රාගය උපදී. ඔවුනොවුන් නොහඳුනන හෙයින් මනුෂ්‍යයන් බලුන් කැණහිලුන් නිර්ලඡ්ජිව හැසිරෙති. එකිනෙකා කෙරෙහි බලවත් වූ අඝාධ ඇති හෙයින් ඔවුනොවුන් ඇණ කොටා ගනිති. මරා ගනිති. ඔවුන් අතින් ඇල්ලූ තණපත් පවා කඩුපත් සේ මැවී යෙයි. බලවත් කෝපය ඔවුනොවුන් තුළ ඇති වෙයි. ඔවුනොවුන් කපා කොටා ගැනීම නිසා මහපොළව මස් කලවිටක් බවට පත්වෙයි.
මෙසේ අධර්මයෙන් විසීම නිසා අධර්මයම බලවත්වීම නිසා ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ අඩුවී යැම ඇරඹෙයි. අවසානයේදී ස්‌ත්‍රී පුරුෂයින් පස් වයස් වන විට ආවාහ විවාහ වෙන තත්ත්වය ඇතිවේ. මෙසේ කල්ප විනාශ ළංවන බව දුටු දේවතාවකු හිසකෙස් කඩා දමාගෙන රතු පිළියක් හැඳගෙන කල්ප විනාසය ළඟාවන බවත් එහෙයින් සත්වයින්ට මෛත්‍රියෙන් යුක්‌තව කටයුතු කරන ලෙසත් ධර්මයෙහි හැසිරෙන ලෙසත් කෑ ගසමින් ඇවිදියි.
කල්ප විනාශය ආරම්භයේදී මහා මේඝයක් ඇති වී කෙළ ලක්‍ෂයක් සක්‌වල මහා ඝන වර්ෂාවක් ඇති වේ. මෙහිදී සත්වයින් අතරින් යම්කෙනෙක් ධ්‍යාන වඩා දිව්‍ය බ්‍රහ්ම ලෝකවල උපදිත්. අනතුරුව වැසි නැවතී දෙවැනි සූර්යයෙක් පායන්නේය. එහෙයින් ගංගා වැව් පොකුණු වියෑලෙන්නේය. තෙවැනි, සතරවැනි හා පස්‌වැනි සූර්යයන් ද පායා මහ සයුර පවා වියළණී යන්නේය. සයවැනි සූර්යයා පෑයීමත් සමඟ මුළු සක්‌වල ධූමයෙන් වැසී යන්නේය. සත්වන සූර්යයා පෑයීමත් සමඟ මුළු සක්‌වලම ගිනිගෙන දැවී යන්නේය. මේ අතර මේ තත්ත්වය වටහාගත් ධර්මයෙන් ජීවත්වීම වැදගත් බව අවබෝධ කරගත් පිරිසක් සත්වයන් එකිනෙකාට දැකීම පවා කෝපය ඇතිකරන්නක් හෙයින් සතියකට ආහාර රැස්‌කොට ගල්ගුහාවල තනි තනිව සැඟවී සිටී. සතියක් ඉක්‌මවීමෙන් පසු නැවත නැති වූ සියලු දේ සක්‌වල තුළ ඇති වෙයි. ඒ අවස්‌ථාවේ සැඟවී ආරක්‍ෂා වූ අය එළියට අවුත් එකිනෙකා වැළඳ ගනී. ඉනික්‌බිතිව ධර්මයෙන්ම ජීවත් වෙයි. ප්‍රාණඝාතයේ විපාක ඔවුනොවුන් කතාකර ඉන් වැළකෙයි. මේ නයින් කටයුතු කිරීමේදී සත්වයින්ගේ ආයුෂ ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙයි. සොර සතුරු බිය නැති වෙයි. මෙලොව සම්පත්වලින් ආඪ්‍ය වෙයි. මනුෂ්‍යයෝ දානශීලාදී කුසල ධර්මයෝ පුරන්නාහ. දස කුසලයෙහි හැසිරෙති. මෙසේ මිනිසුන්ගේ ආයුෂ අසංඛයක් වන්නේය. මිනිස් ලොව දෙව් ලොවක් වන්නේය. දුක් නැති හෙයින් කුසළ ධර්ම පිරීම ප්‍රමාද කෙරෙයි. ඉන් නිසා නැවත ආයුෂ අඩුවීම ඇරඹෙයි. මෙසේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 84000 ක් වන විට කේතුමතී රාජධානිය ඇතිවෙයි. එය සියලු සම්පත්වලින් පිරුණේ වෙයි. එතෙක් තුසිත දෙව් ලොව වැඩ විසූ මෛත්‍රී බෝසතාණෝ මෙලොවට වැඩම කරති. එම නුවර බ්‍රහ්මවතී නම් බිසවක් උන් වහන්සේගේ මව වන්නේය. සුබ්‍රහ්ම නම් පුරෝහිත බමුණා පියා වන්නේය. අශෝක හා බ්‍රහ්ම දේ අග්‍ර ශ්‍රාවක වෙති. පදුමා හා සුමනා අග්‍ර ශ්‍රාවිකාවෝ වෙති. සුධන හා සංඝත අග්‍ර උපස්‌ථායකයෝ වෙති. පුතණුවෝ බ්‍රහ්ම වර්ධන කුමරු වන්නාහ. මහබෝසතාණෝ අජිත නම් වෙති. අට අසූ රියන් උස බුද්ධ ශරීරයක් වන්නේය. නාග වෘක්‍ෂයක් බෝධිය වන්නේය. මෛත්‍රී බුදුන්වහන්සේ අසූ දහසක් අවුරුදු ආයු වළඳන්නාහ.
දිනපතා මෙරට බෞද්ධයන් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා යි ප්‍රාර්ථනා කිරීමේදී මෙතේ බුදු සිරිත හෙවත් අනාගත වංස දේසනාවේ මෙතේ බුදුන් විස්‌තර වන ආකාරය බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. බොහෝ සැප සම්පත් ඇති තැනක් සඳහා උදාහරණයක් ලෙස කේතුමති රාජධානිය ගැන පැවැසුවද ඒ ගැන වැඩි තොරතුරු නොදන්නවා විය හැකිය. මේ කරුණු දෙක පිළිබඳවම අනාගත වංසයේ දීර්ඝව විස්‌තර වන්නේය. කේතුමතී යනු කිසිම දෙයක අගහිඟයකින් තොර සදා සතුට පිරි වෛරයෙන් තොර සාමදානය මිත්‍රත්වය කරුණාව ආදියෙන් අති පරිපූර්ණව පවතින ස්‌ථානයක් වෙයි. එසේ හෙයින්ම වර්තමානයේත් එවැනි තැන්වලට කේතුමතී යන නාමය යෙදීමට බොහෝ දෙනා කැමැති වෙති.
From Divaina Siyapatha

සසර ගමනේදී නොයා යුතු තැන් 136ක්
"අපායට වුණත් කලින් යා යුතු" යි යනුවෙන් කියමනක් සිංහලයන් අතර ඇත. එහෙම එසේ පැවසුවත් අපායට කලින් ගිහින් වේලාසනින් පැමිණෙන්නට කාටවත් ඉඩ ලැබෙන්නේ නැත. අපාය කලින් තියා පහුවෙලාවත් යා යුතු තැනක් නොවේ. ඒ තරමටම රෞද්‍ර, මහ දුක් දෙන විපත්තිදායක බිහිසුණු තැනකි. නමුත් අද සමාජයේ ජීවත්වන බොහෝ දෙනකු සිදුකරන මහ බිහිසුණු අපරාධ දස අකුසල්, පස්‌පව් ආදී සියල්ලම ඒ ලෙස සිදු කරනුයේ අපායට සැමටම කලින් යා ගන්නට බව සඳහන් කළ යුතුය.
පණ පිටින් අපායට ගොස් පණ පිටින් ම පැමිණි කෙනෙක් සිටී නම් ඒ "නිමි රජතුමන් ය. නිමි ජාතකයේ ඒ පිළිබඳව කියෑවේ. මුගලන් මහ රහතන් වහන්සේ ද අපායට ගොස් සියල්ල බලාකියාගෙන ආපසු පැමිණ ඇත. මේ අයුරින් සලකා බලන විට අපායන් 136 ක් තිබෙන බව බෞද්ධ පොත පතෙහි සඳහන් ය. නමුත් සමහර ඉසිවරුන්ගේ හෙළි කිරීම් අනුව අපායන් විසිඅට කෝටියක් තිබෙන බව "වහ්නි පුරාණය" නම් ග්‍රන්ථයේ සඳහන් ය.
අප බෞද්ධ පොත පතෙහි එන අපායන් සියල්ලම හැඳින්වීම සඳහා එම අපායට තිබෙන නම් 136 වෙනම සඳහන් කර ඇත. මෙම අපායන් 136 න් විශාල වශයෙන් දුක් ගෙන දෙන අපායන් අටක් ඇත. එම අපායන්වලට ගිය කෙනකුට ආපසු ගොඩ ඒමක් නොමැත. දුක් විඳීමෙහි නිමාවක් නැත. විඳින දුකෙහි බරපතළකම කීමට වචන නොමැත. මෙම අට මහ නරකයන්වලට තිබෙන නම් අට මෙසේය.
1. සංජීව 2 කාල සූත්‍ර 3 සංඝාත 4. තාපය 5 ප්‍රතාප 6. රෞරවය 7. මහා ගෞරවය 8. අවිචිය මෙම අට මහා නරකයන් වටා හතර පැත්තෙන් හතර බැගින් අපායන් 128 ක් පිහිටා ඇත. ඒවා ඔසුපත් නරකයන් ලෙස හඳුන්වයි. මේ අපායන්වලට යැමට සුදුසුකම් ලැබීම එතරම් අපහසු නැත. සමස්‌තයක් ලෙස අප ජීවත්වන ලෝකය තුළ සිදුකරන ප්‍රාණඝාතය, හොරකම, දුරාචාරය, මුසාවාදය, මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී සියල්ලත් එය හා බැඳුණ සියලුම නොකළ යුතු වැඩ කටයුතු අපායට යැම සඳහා ඇරුණු දොරවල් ලෙස හැඳින්වීම නිවැරදිය.
මිනිසුන් තමාගේ ඉඩමෙහි වැට බඳින්නට ගියත් අනෙක් ඉඩමෙන් අඟලක් හෝ දෙකක් අල්ලා ගනිමින් කරන්නේ ප්‍රබල හොරකමකි. මේ ලෙස පටන් ගනු ලබන බිම සඳහා කරන හොරකම රජවරු පාලකයන් වෙනත් රට රාජ්‍යය ද තම රටට රාජ්‍යයට ඇ¹ ගන්නට කරන මහා බිහිසුණු යුද දක්‌වා ව්‍යාප්තව පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. දියෙහි සිටින පුංචි මාළුවාගේ මස ආහාරයට ගැනීම සඳහා මරණයට පත් කරන තැන සිට ගොඩබිම සිටින ලොකුම සත්ත්වයා වන ඇතාගේ දළ දෙක ගැනීම තෙක් සිදු කරන සියලු සත්ත්ව ඝාතනයන් අපායට දොර විවර කර ගැනීමට ගනු ලබන උත්සාහයන් ය. උදේ සිට පසුදා පහන් වන තුරු සිදු කරන මිනිස් ඝාතන පිළිබඳව සිතන විට මෙම අපායන් 136 ප්‍රමාණවත් වේ දැයි සිතෙන්නට පිළිවන.
ඇතැම් අය අපායට බියක් නැත. "අපායෙ යන්නෙ මැරුණට පස්‌සෙ නොවැ" අපාය තියෙන්නෙ කොහෙද? කවුද දැක්‌කෙ? ආදී වශයෙන් ප්‍රශ්න කරන අය ද සිටිති. සමහර ස්‌වාමීන් වහන්සේලා ද අපාය ගැන දක්‌වන්නේ එවැනි දෙයක් නොමැති බවයි. සමහර හිමිවරුන්ගේ අදහස අපාය යනු සංකල්පයක් බවයි. එසේ නම් නිවන කියා දෙයක් නැත. එයත් සංකල්පයක් විය යුතුය. දෙව්ලොව කියා දෙයක් නැත. එයත් සංකල්පයක් විය යුතුය. නැත මේ සියල්ල පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්ද? එය එසේම පවතිනු ඇත. අතරමඟ සංශෝධන හෝ එක් කිරීම් නොමැත. අපායක් නොමැති යෑයි කියන්නාවූද, අපායක් දැකපු අය සිටිතැයි ද අසන අයට සුදුසුම පිළිතුර අප වෙසෙන සමාජයේ තිබෙන තිරිසන් සත්ත්ව ලෝකය හෙවත් තිරිසන් අපායයි. අපායෙන් චුතවෙන අය ද තිරිසන් ලෝකයේ උපදින අතර අපායට යැමට සිටින අය ද තිරිසන් ලෝකවල උත්පත්තිය ලබා පසුව අපාගත වනු ඇත. අයිතිකරුවකු නොමැතිව කඩ මණ්‌ඩියක හෝ නගරයක ඇතිදැඩි වන බල්ලෙකු දෙස බැලූ විට එම සත්ත්වයාගේ ශරීරයේ සිටින මැක්‌කන්, කිනිතුල්ලන් හා වෙනත් සතුන් එම සත්ත්වයාගේ ශරීරයම සිය වාසස්‌ථානය බවට පත් කරගෙන සිදු කරන ලේ උරාබීම් එම සතා ඉවසාගෙන සිටිය නොහැකි විට සිය දෙපාවලින් ඔවුන් පලවා හරින්නට ගනු ලබන උත්සාහය අවසන් වන්නේ තමාගේම උල් නියපොතු වලින් සිය සිරුර ලේ වැගිරෙන තරමේ තුවාල වලට ලක් කරගෙන වේදනාවෙන් එහෙ මෙහෙ දුවන සතෙකු බවට පත් කිරීමයි. දෙවනුව එම සතාගේ ශරීරයෙන් හමන දුගඳ තුවාලයක් වන වී ඔඩු දිව් විට පණු කැදලිවලින් බරව දුර්ගන්ධය වපුර වපුරා හැම දෙනාගෙන්ම පීඩාවට පත්වෙමින් මිය යන තුරු සහනයක් නොමැතිව විඳින වේදනාව දුක ඔබ දැක ඇත. ඒ සියලුම දුක අයත් වන්නේ තිරිසන් අපා දුකටය.
ගැරඬියෙකු කිසිම සිත් අනුකම්පාවක් නොමැතිව පණ පිටින් සිටින ගෙම්බකු ගිල දමන විට ඒ ගෙම්බා විඳින දරුණු වේදනාව අපට නොදැනුනත් නොතැකුවත් එම සතුන් දෙදෙනාම තිරිසන් අපායේ දුක් විඳින්නන් බව අප සිතිය යුතුය. කුරුලු මවක් හා පියෙක් ඉතා ආදරයෙන් රැකවරණය දී කවා පොවා වඩා හදා ගත් කුරුලු පැටියෙකු සිය ජීවිතයේ පළමු වරට දොරට වැඩමෙව්දා ම තම නෙත් අබියසදීම කොහෙන් හෝ පියාඹා එන කපුටෙකු විසින් රැගෙන ගොස් අමු අමුවේම ඒ සුරතලා මරාගෙන කන අයුරු අර කුරුලු දෙමහල්ලන් දකින විට උන්ට ඇතිවන වේදනාව ඒ තුළින් නගන මර ලතෝනිය අපට කුරුලු කිචිබිචියක් වුණාට ඒ විඳින්නේ තිරිසන් අපා දුක බවට අපට නොදැනීම අප ලද වාසනාවක් යෑයි මට සිතේ. මන්ද නැතිනම් ඒ වේදනාව අපට ද විඳින්නට සිදුවන නිසා ය. තිරිසන් අපායේ දුක මේ ලෙස පිටු සිය ගණනකට වඩා වුව ද අපට ලියන්නට හැකිය.
නමුත් අටමහා නරකය ඇතුළු නිරයන් 136 තුළම තිබෙන දුක්‌ගිනි දෙස සිත යොමු කළ විට තිරිසන් අපායේ දුක, වේදනාව සැනසිල්ලක් යෑයි සිතේ. අපායේ දැල්වෙන ගින්නේ උණුසුමත්, අප ජීවත්වන ලෝකයේ ගින්නේ උණුසුමත් ගෙන බැලූ විට අප ලොවෙහි ගින්නේ උණුසුම සම වන්නේ අපායෙ උණුසුමට සමානව කෝමාරිකා, බණ්‌ඩක්‌කා වැනි දේවල් තුළ තිබෙන සීතලටය. එවැනි ගිනි රස්‌නයක් ලද අයෙකුට ඇතිවන පීඩාව කොපමණ ද? අප ජීවත්වන ලෝකයේ ගින්නට හසු වූ කෙනකු බොහෝ දුරට මිය යන අතර ඔහුට හෝ ඇයට එම වේදනාව දැනෙනුයේ ජීවත්ව සිටින විට පමණය. නමුත් අපායේ සිටින අය කුමන ගින්නකටවත් හසුව මිය නොයන අතර දැවෙමින් පිළිස්‌සෙමින් වසර කල්ප ගණන් ගෙවන දුක්‌ගිනිවල නිමාව දකින්නේ මෙලොවින් වසර කල්ප කෝටි ගණන් ගිය පසුය. මෙලෙස ගිනි ගෙන දැවෙන අපායට අලුතෙන් අයෙකු පැමිණි විට ප්‍රධාන පාලකයා වන යම රජු ද ඔහු ගැන අනුකම්පාවෙන් පිටත්කර යෑවීමට අසන ප්‍රශ්න අතර තමා කළ පින්කමක් කුසලයක් සිහිපත් කර ගන්නට ඉඩ දේ. පවේ බරපතලකම වැඩි නිසා ඔහුට කිසිම විටෙක සිදුකළ කුඩා පුණ්‍යකර්මයක් වුවද සිහිපත් නොවේ. එවැනි අවස්‌ථාවක එම පුද්ගලයා නිරයේ නිත්‍ය පදිංචිකරුවෙකු විනා ආපසු හැරී නොයන පුද්ගලයකු බවට පත් වේ.
තිරිසන් අපායේ දුක් විඳින සතුන්ට විවිධ නම් ඇත. ලේනා, පූසා, තලගොයා, ඉබ්බා, ගිරවා, මයිනා ආදී වශයෙන්, නමුත් අපාගත වන සත්ත්වයන්ට එවැනි විශේෂ නාමයන් නොමැත. ඇත්තේ "නිරි සතා" යන නම පමණි. බන්ධනාගාරයේ සිටින සිරකරුවාට අංකයක් මිසක් නමක් නොමැති ලෙස අපාගත වූ නිරි සතාට යම් සහනයක් ලැබෙන්නේ බුදුවරයකු ලොව පහළ වූ විට ටික වේලාවකට සිදුවන අපායේ ගිනිදැල් නිවී ඇති වන සිසිලස පමණි. මේ පරම දුක්ත තත්ත්වයට සතුන් පත්වීම වළක්‌වා ගන්නට ලොව පහළවන ශ්‍රේෂ්ඨතම උත්තමයා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ දහම ලෝ සතුන් අපායෙන් ගලවාගෙන නිවනින් නිවීමයි. මෙවන් ධර්මයක් ලොව රජයන මොහොතක සැබවින් ම මෙලොව උපත ලබා සිටින ඔබත්, මමත්, යම් වාසනා බල මහිමයක් තිබෙන මනු සතෙකි. ඒ වාසනා මහිමය ජීවමාන කර ගන්නට මේ උතුම් ඇසළ පොහොය සමරන දිනය ඔබට මට ගෙන එන්නේ අස්‌වැසිල්ලකි. බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ප්‍රථම දහම් පණිවිඩය ලෝකයට දේශනා කළ ඇසළ පොහොයේ 2599 වන වසර හෙවත් පොහොය දිනය අදය. ප්‍රථම ධර්ම දේශනය වූ දම්සක් සුතුරු දේශනා කර වසර 2599 ක් උදාවෙන අද දිනයේ ලෝවැසි සත්ත්වයා නොයායුතු තැන් එකසිය තිස්‌හයට නොයන්නට ඔබ අප අදිටන් කර ගනිමු. ඒ සඳහා ලෝවැඩ සඟරාවේ එන මෙම කවියට අප සිත යොමු කරමු.
සිතුවත් බිය කරවන අරතර යේ
වැටුනොත් එකසිය සතිසක් නිර යේ
බලවත් දුක් විඳිනෙය කරදර යේ
මදකුත් පිනකට නැත අවසර යේ
මේ අනුව එකසිය තිස්‌හයක් වූ අපායන් පිළිබඳව පවසනුයේ ඒ අපායන් පිළිබඳව සිතීමත් බියකරවන තැන් විදියට ය. ඒ අනුව ගව, එළු, බැටළු, කුකුළු ආදී සතුන් ඝාතනය කරන ස්‌ථානයන් අපායන් හා සස¹ බලන විට, ඒ ඝාතනය කරන තැන් සතුන් නළවන තොටිලි හා සමාන යෑයි සිතේ. නමුත් ඒ සතුන් ඝාතනය කරන්නන් හා කරවන්නන් සදා සැනසෙන තොටිල්ල ඇත්තේ මෙම අපායන් 136 න් එකක බව සඳහන් කළ යුතුමය. මෙම අපායන් පිළිබඳව තවදුරටත් විග්‍රහ කරතොත් සංජීව, කාලසූත්‍ර, සංඝාත, තාපය හා රෞරවය, යන මහ නරකයන් දිගින් යොදුන් දහසක් වන අතර පළලින් ද යොදුන් දහසකි. උසින් ද යොදුන් දහසක් වන සම සතරැස් ලෝකයකි. මෙම ලෝකය තුළ උත්පත්තිය ලබන්නේ දස අකුසල්වල යෙදුන පාපී පුද්ගලයන් ය. මෙහි උපත ලැබීමෙන් පසු ඔහු සිදු කළ පාප කර්මයන් ගෙවෙන තුරු අවුරුදු කල්ප කෝටි ගණන් දුක් විඳිය යුතුය.
ලබන සතියට ...
______________________________________________________________________

සිත පමණක් රකින්න
මෘදු වන්න, හැකිතාක් මෘදුවන්න
දරුවන්වන් සිසු කැළ සමග මහවනය හරහා යන ගුරුතුමාණෝ මග සොයාගත නොහැකිව මංමුළා වුණේය. වනය පුරා ඇවිදීමෙන් ලද වෙහෙසට අමතරව නැගී ආ කුසගින්න නිසා ගුරුතු=මා හා සිසු දරුවෝ අන්ත අසරණ තත්ත්වයට පත්විය. උත්සාහය අත්නොහළ මේ පිරිස තවදුරටත් වනයෙන් පිටවීමට මං සොයද්දී දක්‌නට ලැබුණේ කරත්තයක් පුරා මස් පටවාගෙන ඈත යන මස් වැද්දෙක්‌ය. මුළු පිරිසම අධික කුස ගින්නෙන් පෙළෙන බැවින් කුසගිනි නිවාගනු වස් පුළුස්‌සා කෑමට වැද්දා කරා ගොස් මස් ටිකක් රැගෙන එන මෙන් ගුරුතුමා විසින් සිසුවකු යවන ලදී.
ශිෂ්‍යයා වැද්දා කරා ගොස් මෙසේ කීවේය. බොල වැද්දොa අපි බඩගින්නේ ඉන්නෙ අපට කන්න මස් ටිකක් දීපන්.
වැද්දා සිසුවා දෙස විමසිල්ලෙන් බැලීය. කතා කරන්න මොන තරම් හොඳ වචන තියෙනවාද? එසේ තිබියදීත් ඔබ මට කතා කළ හැටි. හොඳ යි ඔබ කතා කළ ආකාරයටම මමත් ඔබට මස් ටිකක් දෙන්නම්.
මෙසේ කී වැද්දා මස් කරත්තයේ තිබූ සතුන්ගේ අතුණු බහන්, වල්ගා ආදිය තෝර තෝරා ශිෂ්‍යාට දුන්නේය. ශිෂ්‍යයා ද ඒවා රැගෙන ගුරුතුමා වෙත ගොස් පෑය. සතුන්ගේ ඉවතලන කොටස් ශිෂ්‍යයා වෙත දී ඇති බව දුටු ගුරුතුමා මස් කරත්තයකින් මෙසේ තෝරා බේරා ඉවතලන දෑම දුන්නේ මෙහි කිසියම් හේතුවක් තිබිය යුතුය සිතා වෙනත් ශිෂ්‍යකුට කතාකොට ඔබත් ගොස් කෑමට මස් ටිකක් ඉල්ලාගෙන එන්නැයි කීය. ඒ ශිෂ්‍යා ද වැද්දා වෙත ගොස් මෙසේ කීය.
පියාණනි, අප හරිම කුසගින්නේ ඉන්නේ කරුණාකර අපට කෑමට මස් ටිකක් දෙන්න.
වැද්දා ඒ දරුවා දෙස බලා මේසේ කීහ. දරුව, පියාණෙනියි ඔබ මට ආමන්ත්‍රණය කළෙහිය. පියාණෙනි කියන විට මගේ පපුව ආදරයෙන් කම්පා වේ. මගේ හෘදය කම්පනය කළ නිසාම මම ඔබට හෘදය මාංශයම දෙමි. මෙසේ කී වැද්දා මස් කරත්තයේ තිබූ සතුන්ගේ හෘදය මාංශයම තෝරා ශිෂ්‍යාට දුනි. ශිෂ්‍යයා ද ඒ මස් ගෙන ගොස් ගුරුතුමා වෙත පෑහ. මුළු පිරිසටම සෑහෙන මාංශ ප්‍රමාණයක් එහි තිබුණු අතර සියල්ල සතුන්ගේ හෘදය මාංශයම වීය. මුලින් අතුණු බහනුත් පසුව හෘදය මාංශයත් ලැබීමට හේතු වටහා ගත් ගුරුතු=මා තවත් මස් අවශ්‍ය නොවුණද වැද්දා පරීක්‌ෂා කිරීමට සිතා වැද්දා සොයා ගොස් මෙසේ කීහ.
මිත්‍රය අධික කුසගින්නෙන් පෙළෙමි කරුණාකර මස් ටිකක් දෙන්න.
වැද්දා දයාවෙන් පිරි දෙනෙතින් ගුරුතුමා දෙස බැලීය. ඔබ මා ඇමතුවේ මිත්‍රයකු ලෙසය. මිත්‍රයකුට සමාන වූ කිසිවෙක් ලොවෙහි තවත් නැත. මිත්‍රයකුගෙන් තොර ජීවිතයෙන්ද පළක් නැත. එසේම මිත්‍රයකුට දිය නොහැකි දෙයක්‌ද නොමැත. එහෙයින් මම මේ මුළු මස් කරත්තයම මගේ මිත්‍රයාට දෙමි අරන් යන්න.
තමන් හා පිරිසට අවශ්‍ය තරම් මස් ලැබුණ බවත් මුලින් පැමිණි දෙදෙනා ශිෂ්‍යයන් බවත් පළමු ශිෂ්‍යයාට අතුණු බහන් දීමටත් දෙවන ශිෂ්‍යාට හෘදය මාංශයම දීමටත් හේතුව දැන ගැනීමටත් කැමති බව ගුරුතුමා වැද්දා අමතා කීහ.
ගුරුතුමනි. ඔබේ ශිෂ්‍යයන් මෙහි පැමිණ මට කතා කළ හැටියට මම මස් එවල ඇති. වැද්දාගේ බස් ඇසූ ගුරුතුමා තමාගේ නිගමනය නිවැරැදි බවත් මෘදු ගුණයම මිනිසුන්ගේ පමණක් නොව සතුන්ගේ පවා හෘදය කම්පා කර යහපත්කම සලසන බවත් ශිෂ්‍යයනට ප්‍රායෝගිකව උගැන්වූයේය.
මෙහි ගුරුතුමා වූවේ අප මහා බෝසතාණෝය.
දහකින් එකක්
අමාමෑණී බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිනා අවධියේ උන්වහන්සේ වෙත පැමිණි එක් භික්‌ෂූන්වහන්සේ නමක් තමන්ට උපැවිදිවීමට අවශ්‍ය බව කීවේය.
මහණ උපැවිදිවීමට හේතුව කිම.
ස්‌වාමීනි, ඔබ වහන්සේ විසින් පනවන ලද මේ නොයෙක් ශික්‍ෂා මට රැකිය නොහැකිය. හොඳයි මහණ ඔබට එකක් රැකිය හැකිද?
පුළුවනි ස්‌වාමීනි
එසේ නම් ඔබගේ සිත පමණක් රකින්න.
සිතෙන් කිසිදු වරදක් නොවනාකාරයට.
ඒ භික්‌ෂුන් වහන්සේට කාරණය වැටහිනි. ඒ අවවාදය අනුව ක්‍රියා කළ උන්වහන්සේ අර්හත්වය සාක්‌ෂාත් කළේය.
වයසද, වැරැද්ද ද?
සැරියුත් මහ රහතන් වහන්සේ යනු මගේ කුස තුළ ඇති බඩවැල් එළියට බැස කෑම සොයා ගියත් මම, අකැප ලෙස සැපයුනු අහරක් නොවළදිමියි එය පිළිගැන්වූ මුගලන් මහරහතන් වහන්සේ ගැනවත් නොතකා බෙහෙත් යෙදූ ආහාර බඳුන ප්‍රතික්‌ෂේප කළ විනය නීති අකුරටම රැකි උතුම්ම වූ බුද්ධ පුත්‍රයෙකි.
දිනක් සැරියුත් මහ රහතන්වහන්සේ විහාර මළුව අමදිනා සේක. උන්වහන්සේගේ පෙරවූ සිවුරෙහි පිටිපස කොණක් බිම ඇතිල්ලෙමින් තිබිණි. මෙය දුටු එදිනම පැවිදි වූ සත් හැවිරිදි කුඩා සාමනේර භික්‌ෂුන් වහන්සේ නමක් සැරියුත් හිමියන් ළඟට ගොස් ස්‌වාමීනි සිවුරු කොනක් බිම ඇතිල්ලෙයි. සිවුර සකස්‌කර පොරවා ගනු මැනවයි" කීහ.
සැරියුත් හිමියන් එය සැබෑ බව දැක සිවුර සකස්‌කර පොරවා කුඩා සත්හැවිරිදි එදිනම මහණ වූ සාමනේර හිමි දෙස බලන්නේ තමන් වහන්සේට කුඩා සාමනේර නමකට වැඳිය නොහැකි බව පෙනී බුදුරදුන් වැඩවසන ගඳකිළිය දෙසට දොහොත් මුදුන් දී වැඳ මේ ගාථාව කීහ.
තදහු පබ්බජිතො සන්තො - ජාතියා සත්තවස්‌සිකෝ
සොපි මං අනුසාසෙය්‍ය - පටි ගණ්‌හාම් මුද්ධනා
(අදම මහණ වූ උත්පත්තියෙන් සත් අවුරුද්දක් වූ දරුවෙක් මට අවවාද කරන්නේය. ඒ අවවාදය මුදුනෙන් පිළිගනිමි)
ආශ්චර්ය යෙන් උපන් ප්‍රාර්ථනය
ජීවිතය පුදා හෝ මහා කාරුණිකයාණන් වහන්සේ රැක ගනිමියි සිතා උන්වහන්සේ කෙරෙහි බැඳුණු අධිකතර ස්‌නේහයෙන් යුතුව කටයුතු කළ ආනන්ද හිමියන් බොහෝ දිනවල නිදිවරා මහා රාත්‍රියේ පහනක් අතින් ගෙන බුදුරදුන් කොයි මොහොතේ තමන්ට කතා කරාවි දැයි සිත සිතා බුදුරදුන් සයනය කළ ගඳකිළිය වටා සක්‌මන් කළ බව නොදන්නා බෞද්ධයකු නොමැති තරම්ය.
පියරජුන් දම් අමා ගඟුලෙහි නහවනු වස් පියුමතුරා බුදුරජාණෝ හංසිවති නුවරට වැඩම කළ විට උන්වහන්සේගේ සුළු මව් පුත් සුමන පසල් දනව්වක යුවරජ වීය.
මහරජට විරුද්ධව පැණ නැඟුන කැරැල්ලක් මැඩ පැවැත්වූ බැවින් පියරජු තම පුතු සුමන අමතා කීවේ කැමති වරයක් ඉල්ලන ලෙසය. සුමනගේ එකම ඉල්ලීම වූයේ බුදුරදුන් හංසවතී නුවර වැඩ සිටින තාක් සිව්පසයෙන් සැලකීමට තමාට අවසර දෙන ලෙසය. පියරජුගේ උත්තරය වූයේ එසේ කළ හැකිදැයි බුදුරදුන්ගෙන්ම අසා අවසර ගත යුතු බවය.
බුදුරදුන් දකින්නට ආරාමයට ගිය සුමන කුමරුන්ට දැන ගත හැකි වූයේ එන එන කෙනාට හිතෙන හිතෙන විට බුදුරදුන් දැක කතා කළ නොහැකි බවත් ඒ සඳහා සුමන හිමිගේ අවසරය ගත යුතු බවත්ය.
සුමන කුමරු සුමන හිමියන් හමුවේ බුදුරදුන් හමුවීමට අවස්‌ථාව ලබාගැනීමට ගියේය. සුමන කුමරු ඉදිරියෙන්ම අසුනක් ඔසවා ගෙන පැමිණි සුමන හිමියන් එක්‌වරම අතුරුදන් වී අසුනත්
රැගෙන දම්සභා මණ්‌ඩපයෙන් මතුවිය. මේ ආශ්චර්යය දුටු සුමන කුමරු සුමන හිමියන් මහා පූජ්‍යවරයෙක් යෑයි සිතීය. පනවන ලද අසුනෙහි වැඩහුන් බුදුරදුන් පා නමැදි සුමන කුමරා තමා දුටු ප්‍රාතිහාර්යය ද විස්‌තර කොට කියා සුමන හිමි ගැන බුදුහිමියන්ගෙන් විමසීය. පියුමතුරා බුදුරදුන් වදාළේ සුමන හිමි අන් කවරෙකුවත් නොව තම අග්‍ර උපස්‌ථායකයා බවය. ඒ සඳහා ඒ හිමියන් භවය පුරා කළ පිංකම්ද සුමන කුමරුට පැහැදිලි කළවිට සුමන කුමරුගේද එකම අභිප්‍රාය වූයේ තමන්ද මතු දිනෙක ලෝ පහල වන බුදු උතුමෙකු=ට අග්‍ර උපස්‌ථායක වීමට කැමති බවය. ඒ සඳහා පියුමතුරා බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලැබීමට ද වාසනාව ලද සුමන කුමරු බුදුපාමොක් මහ සඟනට මහ දන් දීමෙන් හා වෙනත් බොහෝ පුන්‍ය ක්‍රියාවල අනලස්‌ව යෙදුනහ.
ඔබ මෙයින් මතු ලක්‌ෂයක් වන කපෙහි ලෝ පහළවන ගෞතම නම් බුදුරදුන් ගේ අග්‍ර උපස්‌ථායකයා වන්නෙහි යෑයි පියුමතුරා බුදුරදුන් දුන් නියත විවරණ ප්‍රකාර ඉන්පසු ලෝ පහල වූ විපස්‌සි හා කාශ්‍යප බුදුරදුන් කාලයක් හිද අප්‍රමාණ කුසල් රැස්‌කොට අපේ බුදුපියාණන්ගේ සමයේ අමිතෝදන ශාක්‍ය රජුට පුත්ව ඉපදුනේය.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරදුන් දෙසූ තෙවළා දහම් මතකයෙන් නැවත සංගායනා කර ලෝසතුන් කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් බුදු දහම ලෝ තුළ සුරක්‌ෂිත කිරීමට කැප වූවේ බුදුරදුන්ගේ අග්‍ර උපස්‌ථායකයා මෙන්ම ධම_ භාණ්‌ඩාගාරික ද වූ එදා පියුමතුරා බුදුන් දවස සුමන නම් යුවරජ වූ ආනන්ද මහ රහතන් වහන්සේමය.
ප්‍රකෘති විකෘති හා ප්‍රකෘති
බුදුරජාණන්වහන්සේ ප්‍රකෘති නම් සැඩොල් තරුණිය මහණ කළ වග නගරය පුරා පැතිර ගියේ වාත වේගයෙනි. මේ පුවතින් වඩා නොසන්සුන් වූයේත්, බිය වූයේත්, විපිළිසර වූයේත් නගර වැසි කුලවතුන්ය. කුලවතුන් ඉන්නා පෙදෙසකට මොනම අවශ්‍යතාවයක් නිසාවත් පය නොගසන කුලවතක විසින් දැකීම පවා මහා විනාශකාරි සිද්ධියක් ලෙස සැලකෙනා සැඩොල් කුලයක ස්‌ත්‍රියක් මහණ වූ පසු ඇය උසස් අයගේ ගෙවලට ඇතුල්වන්නේ කෙසේද කුලවතුන් ඇයට සැලකිය යුත්තේ කෙසේද ඇය කුලවතුන්ගෙන් සංග්‍රහ ලබන්නේ කෙසේද? කුල මානයෙන් ඉදිමුණ කුලවතුන්ට වූ මහාම ගැටලුව එය වීය.විසඳුමක් සොයනු වස් කුලවතුන් එක්‌ව මේ පැනය කොසොල් මහ රජුට ඉදිරිපත් කළහ. උත්තර සෙවීම නොව ක්‍ෂත්‍රිය වංශිකයකු වූ කොසොල් මහ රජුට ද එය ගැටලුවක්‌ම විය. සියල්ලෝaම එකතුව ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ප්‍රකෘති මහණ කරවූ මහා කාරුණිකයාණන් වහන්සේ ඉදිරියට ගියහ. ප්‍රශ්නයට සවන් දුන් අමා මෑණි බුදුපියාණන් උත්තර ප්‍රකාශ කරනු වෙනුවට මහරජ ඔබ ප්‍රකෘතිගේ අතීත කථාව දැනගන්න කැමතිදැයි ඇසූ සේක. රජ සහ පිරිස එක හඬින් ඊට කැමැත්ත ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේ රජ හා පිරිස ඉදිරියට ප්‍රකෘති භිsක්‌ෂුණියත් ආනන්ද හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලාත් කැඳවූහ.
ඒ අතීත ආත්ම භවයේ ගංගා නම් නදිය අසබඩ සැඩොල් ගමක තිශංකු නමින් සැඩොල් නායකයෙක් වීය. ඔහුගේ පුතු ශාර්දුල කණී අතිශය රූප සම්පත්තියෙන් යුතු ත්‍රිවේදය පරපාප්ත්‍ර වූවෙකු විය. පුතු විවාහයට සුදුසු වයසේ විසූ බැවින් සැඩොල් නායකයා තම පුතුට සහකාරියක් සෙව්වේ රූප සම්පත්තියෙන් මෙන්ම උගත්කමින් ද ඉහළ මට්‌ටමක විසූ ප්‍රකෘති නම් තරුපතිය දැක ඇය ගැන යෝජනාවක් ඇගේ පියාණන් වෙත ඉදිරිපත් කළේය. ඇගේ පියා සැඩොලකු නොව පුශ්කර ශාරී නම් බ්‍රාහ්මණයා වීය. පහත් කුලයක අයකු ඉහළම කුලයේ සිටින තමන් වෙත ගෙනා මේ යෝජනාවෙන් කිපුණු පුශ්කර ශාරී ත්‍රිශංකුට තදින් දොස් කීවා පමණක් නොව අවමන් ද කළේය.
මේ අවලාදවලට සාවධානව සවන් යොමා සිටි ත්‍රිශංකු, පුෂ්කර ශාරී බමුණා අමතා කුල භේදයේ ඇති පහත් ගති තත්ත්වය හා නිස්‌සාර බව මෙන්ම පදනම් විරහිත බව ද පෙන්වා දෙමින් ඉතා ව්‍යක්‌ත ලෙසට, තිරිසන් සතුන් අතර හා ගස්‌වැල් අතර නා නා විධ වර්ග ඇති නමුත් මිනිසුන් කොහේ සිටියත් කුමන
රැකියාව කළත් කුමන දේශයකට අයත් වුවත් උගත් නූගත් වුවත් දුප්පත් පොහොසත් වුවත් එකම මිනිස් ජාතියට අයිති බව පෙන්වා දුන්නේය. අන්තිමේ පුෂ්කර ශාරී යථා තත්ත්වය තේරුම් ගෙන ත්‍රීශංකුට ගේ උගත් රූමත් පුතු ශාර්දුල කණීට තම දූ ප්‍රකෘති සරණ පාවා දෙන්නට කැමති විය.
මහරජ එදා පුෂ්කර ශාරී බ්‍රාහ්මණයාගේ දියණිය වූ ප්‍රකෘති වූයේ දැන් මේ අප ඉදිරියේ සිටින ප්‍රකෘති භික්‌ෂුණියයි. ශර්දුල කණි නම් උගත් රූමත් තරුපතිය වූයේ ධම_ භාණ්‌ඩාගාරික මේ ආනන්ද ස්‌ථවිරයනුයි. ත්‍රිශංකු නම් සැඩොල් නායකයා වූයේ දැන් බුදුවී සිටින මම ම යයි සම්බුදුරජාණන් වදාළ සේක.
මේ අතීත කතාවෙන් මහත් මවිතයට පත් කොසොල් රජු හා පිරිස ප්‍රකෘති නිසා විකෘති වී ගිය මානයෙන් පිරි මනස ප්‍රකෘති තත්ත්වයට පත් වූයෙන් කළ හැකි එකම දෙය වූ සම්බුදුරජුන්ගේ පා වැඳ තුෂ්නිම්භූතවම විහාරයෙන් නික්‌ම ගියේය.